1st Lane
කිසියම් අඳුරු බලවේගයක් මාගේ ආත්මය ගිලගෙන ඇත. මෙය ඛේදවාචකයකි.ජීවිතය ශෝකාන්තයක් වීමට ප්‍රතමවා මා මේ නරාවළෙන් ගොඩ ආ යුතුමය. මට එය කළ හැකිය. මට සටන ඇත්තේ මා සමඟමය. මා විසින්ම මා පරාජය කොට දමා මා ජයගත යුතුය. එයට අවශ්‍ය ශක්තියද මට ඇත. බුද්ධියද මට ඇත. මා එය සිදු කළ යුතුය. දැන්ම එය ආරම්භ කළ යුතුය. මේ මෙඔහොතේම මා එය ආරම්භ කළ යුතුය.
මෙය ස්වප්නයක්ද සත්‍යක්ද කියා සිතා ගැනීමටවත් මට නොහැකිය. ය මගේ සුන්දරම සත්‍යයයි. ඈ වසන්තය ගෙන එන බව මම නිරන්තරයෙන්ම විශ්වාස කළෙමි. ය මා වෙනුවෙන්ම ගෙන ආ වසන්තය දැන් මා වෙතම අයිති වී හමාරයි. අයත් මමත් ඒ විසල් අහසම සාක්ෂියට තබාගෙන පෙම්වතුන් වූවෙමු.
ගයාශාන් සංජය – හෂිනි විජේනායක
5 MINUTES in the morning - ජීවිතේ වෙනස්කරන දවසේ විනාඩි 5
8 : 45
Aberdeen - ඇබර්ඩීන්
අනෝරා වැසි වසින සීතල රාත්‍රියේ සුරංගනාවියක් බදු නිමේශිව ඔහු ඔසවා ගත්තේ ය.
රෝස මලක් සේ පෙති ගැලවී නොයන ලෙසට පරිස්සමින් තබන පරිද්දෙන්, සයනයේ තැබුවේ නිමේශී ඔහුගේ දෑස් දෙස බලද්දී ය.
කිසිවකුත් නොමැති මොහොතක සයනයේ වැතිරී සිටින නිමේශී අසල සෙංගතුව බලා සිටි නිසල් ඇයගේ මූණට වැටී ඇති කෙස් රොදක් පැත්තකට කළේය.
නිමේශීගේ සුදු පැහැ කම්මුල් රත් පැහැයට හැරිණි.
කසාද බැඳ සිටින බවත් අමතකව සිටි නිමේශි මේ මොහොතේ මෙම අනියම් ආදරණීයයා දෙස බලා සිටියේ පුදුම ලෙංගතුකමකිනි.
American පෙම්වතා
"තිවංක... තිවංක.. ඔයා නිදි ද..?" ඔහු සිටි කාමරයේ විදුලි පහන් නිවා දමා තිබූ නිසා මම දොරට තඩි බාමින් රහසින් අඬගැසීමි.
ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති හෙයින් දොර විවෘත කොට කාමරය තුළට පිවිසියෙමි. තිවංක කාමරයේ නැත. ඔහුට අයත් කිසිදු බඩුවක් ද කාමරයේ නොවී ඇඳ මත වාඩි වී ඉකිගසමින් මහ හඬින් කැගැසුවෙමි. මගේ කැගැසීමට අම්මාත්, තාත්තාත් තිවංකගේ කාමරය වෙතට පැමිණියහ.
"බොරුකාරයා.... වංචාකාරයා.. බයගුල්ලා.. මහ ලොකු ආදරයක් මට දීලා මාව දාල ලිහින්
මම ඔයාට වෛර කරනවා තිවංක.. මම ලැජ්ජ වෙනවා ඔයාට ආදරේ කරපු එකට..."
මම තිවංකට බැන වදිමින් ඉකිගසමින් හැඬුවෙමි. ඩැඩී මම හුන් තැන ම වාඩි වී මගේ කඳුළු පිස
දැමීය.
තිවංක සේරම කිවුවා. එයාට එයාගේ සර්ට ද්‍රෝහි වෙන්න බෑලු... තිවංකට ඇමරිකාවේ පුතා ගොඩක් උදව් කරලා... ඒ හින්දා එයාට පිටුපාන්න බෑ කිවුවා. ඒ හින්දා දුව, ඔයාව දාලා එයා ගියේ. ආයේ ඔයාගේ ඇස් දෙකට දකින්න එන්නේ නැ කිවුවා. පුතාව බැඳලා සතුටෙන් ඉන්න කිවුවා..” යි ඩැඩී සම්පූර්ණ කතාව මට කීවේ ය.
"එතකොට ඔයාගෙ ආදරේ
බොරුවක් द තිවංක..? මාව දාලා යන්න ඕන නම් ඇයි මෙච්චර ආදරයක් මට දුන්නේ.? මම කොහොමද දෙයියනේ මේ දුක දරාගන්නේ.?” ඩැඩීව වැලඳගෙන හැඬුවෙමි.
Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!
Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!
Nadiv Dulnith – නදිව් දුල්නිත්
“මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, Sex ඕනෙ වුනාම Sex කරන්න විතරක් කියල ද? නැහැ… එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැදීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්‍රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඩන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”
CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා
Default | ඩිෆොල්ට් - Pre Order
මගෙ උල්කාෂ්මික රැයට
අටකාමා හඳක් එකතු උනාට,
පසළොස්වක දුරයි මට...
අමාවකට කවි ලිව්වට~
අහසෙයි කදුළු පනින්නේ සතුටට-
ඉතින් මෙහෙමනේ ;
දන්නවද ජැස්පර්?
මුළු ලෝක පොතකටම ඒ මනුස්සයා වැරදි උනාට,
මට පුලුවන් මුළු කතා පොතක් පුරාවටම ඒ මනුස්සයාවම
"හොද මනුස්සයෙක් කරලා ලියන්න"
සරලව සදාකාලිකව ;
"මතක සන්තතියක සිරවූ, අනුප්‍රාස කවි ප්‍රකරණයක නොබිදුණු කවි පෙළයි නුඹ!!!"
Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා
එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් ! ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා! අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා. කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා . කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා . හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .Faculty Of Sex - Guilt
Faculty Of Sex - Love
ශෘංගාරය කියන්නෙ වනචරකම නෙමෙයි. මිනිස් ලිංගිකත්වය කියන එක සත්ත්ව ලිංගිකත්වයට වඩා වෙනසි. මිනිස් ලිංගිකත්වය සීමා වෙන්නෙ මිනිසා විසින්ම පනවන ලද තහංචිවලිනි. ශෘංගාරය කියන්නෙම මේ තහංචි බිඳගෙන යන එකට. ශෘංගාරයේ ආශාව වෙන්නෙම තහංචිය ඉක්මවා යාම. ශෘංගාරයේ ජයග්‍රහනය වෙන්නෙ ඒක. අනිවාර්යෙන්ම එතනදි මිනිසාට මිනිසා තුලම වූ ගැටුමකට මූන දෙන්න වෙනවා.
Faculty Of Sex - Sex
ඇත්තතම මං කැමතයි ඔයාට වෙන අෆෙයාර් එකක් තියෙන එකට. ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක් නොවෙන තැනකට එනවා. බිත්ති හතරකට කොටුවෙච්ච මිනිහෙක් නොවන තැනකට එනවා. ඒක රිදෙනවා තමයි. ඒත් මං කැමතියි ඒ නිදහස බාරගන්න පුළුවන් තරමට මාව ලොකු වෙනවට. මාව ඒ විදිහට චැලෙන්ජ් වෙනවට.
My Bully My Love
“පපු කැවුතු අස්සට ලෝදිය ගලනකොට, වියරු වැටෙන මේ ඇස්වත් නවත්තගන්න බැරි මට සමාව දීපන් මල. ඒත් හිරෝශිමාවට බෝම්බ නොවැටෙන්න දුන්න පොරොන්දුව අදටත් වලංගුකොට, ඔලියන්ඩර් මල තැලෙනවා බලන් මේ හිත කොහේ ඉවසන්නද..
ඉතින් බලන් ඉන්න අමාරුයි මේ හිතට තව.. නත්තල වෙනකන් කල් දුන්න මේ හිත නපුරුයි කියලා නොදන්නවා නෙවේ මම.. ඒත් කලු පාටට හැරීමක් නෑ තව.. පාර කැපිලා තියෙන්නේ තව්තිසාවට නෙවේනේ මල මට..”
─────────────
චක්‍රාවාට පොකුරු මිලියන ගණන්! ක්ෂීරපථය එක වැලි තුඩක්!
‘ජීවය නැති බව අනුමානය- ‘
ම්හ්ම් ! ජීවය ඇති කප්පරක් !
ඒ මන්දාකිණියක් හොරාට ඇවිදින් චුට්ටන් ඇස් අස්සක හැංගිලා කාටත් හොරෙන්!
වහ වැටිලනේ ඒ ඇස්වලට සඳවතක්!
කොහොම අමතක කරන්නද අලු ගොඩෙන් පිපුණ ඔලියන්ඩර් මලත්!
ඒත් ඒ හිත..
කෙනෙක්ට මලක්, කෙනෙක්ට හඳක්, කෙනෙක්ට..
යකෙක්..!
─────────────
ඉතින්, හැල්මේ දුවන ලෝකයේ විඩාබර වෙන ඔයාට, හිතුණා නම් වෙනස් කතාවක නැවතිලා හුස්ම ගන්න, මනාප නම් රහස් ගොඩක් අස්සේ හැංගිලා විටින් විට පුදුම වෙන්න, ලෝභ නම් අසීමාන්තික බැඳීම් අස්සේ හිත රිදෙන ගමන් නිවෙන්න, මේ කතාව ඔයාට..
No regrets, Let’s Love!
සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.
Shell Of Seven Days
දැනට පෙර ඇණවුම් පමණක් ලබා ගන්නා අතර පොත් බෙදාහැරීමේ දිනය හැකි ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.
"ප්ලේටෝනිකයි.. ඇබ්බැහිකාරකයි.."
ඇය ඒ බැඳීමට නමක් දුන්නෙ එහෙමයි.
ඔහු නිල් ඇස් හාදයෙක්. අහස ඉකි බිඳින රැයක, කොහේදෝ ඉදන් ඇවිත් ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක නතර වූ හිතුවක්කාරයෙක්.
නමුදු ඇහිපිය විවර කළ සැනෙකින් ඔහු යළිත් ආගන්තුකයෙක් පමණක් වුවහොත්..?
නිල් දෑස් මැවූ ඒ සොඳුරු මායාව අවසන, කලු දෑසක රැඳි රලු යථාර්තය ඇයට දරාගත හැකි වෙයි ද..?
සැබෑව සහ සිහිනය අතර රිද්මය එකිනෙක ඝට්ටනය වූ තැන, ඇය ඔහුව සොයා ගියා ද..? නැතිනම් ඔහු ඇයව සොයා පැමිණියා ද..?
ඉතිං ඔයත් එන්න සිප්පි කටුවක් අස්සේ හැංගුණු හීනෙක අතරමං වෙන්න..!!!
So My Love
දේදුනු පැහැ වැස්සුණ හිත් අස්සේ නැද්ද 'ආදරේ' කියන අකුරු තුන? නැද්ද පපු කිනිති අස්සේ ඉපදෙන ඒ හැගීම් කප්පර? නැත්තම් නේතන් විටාලේ කියන්නම මායාවක් වෙන්න ඕන.. ඒ හිතට අ ආදරේ දුන්න, නේතන් විටාලේ කියන්නෙම හිතළුවක් වෙන්න ඕන.. ඒත් නෑ.. මායාවක්වත් හිතළුවක්වත් නොවේ.. නරුමයෙක් කියලා හංවඩු ගැහුණු ඒ හිත අද නිවිලා.. ආදරේ අකැපයි කියලා හිතුව ඒ පපු කිනිති අස්සට රතු පාට මහ පරිමාණෙන් කැවිලා.. ඉතින් එදා වගේම අදත්, අද වගේම හෙටත්, හිනා වෙලා ඒ හිත කියයි මෙහෙම.. ඉතින් ඒ නේනත් විටාලේ, මං දැකපු ආදරණීයම
Toxic – ගර්භ විස
පිටු 264 | වර්ණ පිටු 08
Toxic – ගර්භ විස
Mohan Raj Madawala – මොහාන් රාජ් මඩවල
අනුහස් අදහස් - Anuhas Adahas
අමාවක Waiting for next eclipse
සමහරුන්ට දරුණු අසම්මතයක්ලු
නුඹෙයි මගෙයි ආදරේ
නුඹවත් මාවත් අන්ධ කරපු
එකම හේතුව නෑදෑකම නෙමේලු
එකම ලෙයට දෙවරක් ආදරය කල නිසාලු
අමාවක Waiting for next eclipse 02
සම්මතයකට හිත නොදී මගේ
අසම්මත නුඹ හිනවුනා
ඒ පුරුදු ඇස්
හැම බවේ වගේ
මගේ හිත ලඟ නැලවුනා
අමාවක දින
උරුමයක් සේ
මගේ දිවියට හුරු වුනා
එදා සිට ඔබ
තවම බලනෙමි
සඳට ඇති දුර
සැඟවිලා....
අමාවක හස – Amawaka hasa
අමාවක හස – Amawaka hasa
Liversack
ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…
මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ. ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර? ඒ දෙකම එපා එහෙනම්? මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…අයි ඩී – I.D
සැබෑ අඹු සැමියන් සිටින්නේ
එක ගෙදරක එක ඇඳක නොව,
ගෙවල් දෙකක,
නැතිනම් ග්‍රහලෝක දෙකක,
දෙතැනක බව
ඔවුහු තේරුම් ගත්හ.
එසේම
ඔවුන් එකිනෙකා වෙත ළංවන විට
ගිනි ඇවිළී දෙදෙනාම
විනාශ වෙන්නට ඉඩ ඇති බවත්,
ඈතින් සිටින විට
හැමදාම ගිනි ඇවිළෙමින්
විනාශ නොවී පැවතිය හැකි බවත්
ඔවුහු තේරුම් ගත්හ.
අල්ලපු ගෙදර - Allapu Gedara
අහන් - Ahan
ආග්‍රා වලව්ව - Agra Walawwa
ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria
ආදරණිය වික්ටෝරියා – Adaraneeya Victoria By Mohan Raj Madawala
ආදරණීය රිකාදෝ – Aadaraneeya Rikado
මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න . ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේ වගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ.
…………………………………………………………………………………………………..
ආදරේ overdose වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya
Tharindu Sri Lokugamage – තරිඳු ශ්‍රී ලොකුගමගේ
ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාතෲවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැර ගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජිවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය
ඈ - THE SPA WOMEN
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
ඒ දවස් හරි වෙනස් – E Dawas Hari Wenas
Abdul Umar Sahan Nethmina – අබ්දුල් උමර් සහන් නෙත්මිණ
ජිවිතේ දේවල් මේ තරම් නරක විදියට සිද්ද වෙද්දී..
හැමදේම කොහොම හරියන්නද කියලා හිතෙනවා අපිට..
ඒත් විශ්වාස කරන්න, හැමදේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතුව..
හැමදේකටම වෙලාවක් තියෙනවා..
ඒ වෙලාව එනකන් කොහොම හරි අපිට අල්ලගෙන ඉන්න වෙනවා..
ජීවිතේ උන වැරදි වලට පසුතැවිලි වෙන්න..
ඒත් අමතක කරන්න එපා පරණ දේවල් වෙනස් කරන්න අපිට බැරි උනාට ඉස්සරහට එන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් කියලා…🥹
ලැබිලා තියෙන මොහොත රස විඳින්න..☺️
” මේ මොහොත විතරයි රහම 🌹”
කඨෝර - Katora
කඩවර - Kadawara ( Hard Cover )
කම්බිලි - Kambili ( Hard Cover )
කලම්බො – Colombo
ඇය එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය. VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය II වන එළිසබෙත් ලෙස එංගලන්තයයේ රැජීන බවට පත් වූවාය. නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදි ඇය මුණ ගැසෙන්නට මෙරට සම්භාවනීයන් කීප දෙනෙකුට අවස්ථාව උදා විය. එහිදී එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි.
කස්තුරි සුවඳ – Kasthuri Suwada
කැමෙලියා – Camellia
2024 ස්වර්ණ පුස්තක සම්මාන දිනු පොත
කැළැල් - Kelel
කිසා - Kisaa
කුවල්‍ය - Kuvalya
සමරිසි පුද්ගලයෙකුගෙ සිත වෙනස් විය හැකිද? නොහැකිද? ඉතා ඉක්මණින් ඉපදිලා බිඳිලා යන සිත පරීක්ෂණයකට ලක් කළ හැකිද? සමරිසි ආදරවන්තයින් දෙදෙනෙකු අතරට ලස්සන සියුමැළි තරුණියක් ආවොත්…. ඉරණම කෙසේ විසඳේවිද? ආදරය වෙනස් වේවිද? එසේ විය හැකිද? මින් පෙර නොලද වෙනස්ම අත්දැකීමක් සමඟ.
“සොබා දහමෙන් අපිට කොච්චර දේවල් කියල දෙනවද. සොබා දහම තමයි අපූරුම මැවුම්කරු. ඉර, හඳ,අහස, පොළව, පවා මවලා තියෙන්නෙ නියමිත දුරින් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට. දන්නවද අයෝන්… අන්න ඒ සොබාදහම කියන මැවුම්කරු, දේවල් මවලා තියෙන්නේ නිතරම නොගැළපෙන දේවල් එක් කරලා ලස්සනට ගළපගන්න විදිහට. නොගැළපෙන දේවල් සමබර උනාම තමයි ලස්සනම. ඒක ස්වබාව ධර්මයේ රීතිය. නොගැළපෙන දේවල් එකතු උනාම තමයි සතුට රැඳිලා තියෙන්නේ. අන්න ඒ සොබාදහමේ මැවුම්කරු මවපු ලස්සනම නොගැළපීම තමයි ගැහැණියවයි පිරිමියාවයි. ලෝකෙ පැවැත්මත් එතනයි.”
කොළපාට ඇස් – Kolapata As
ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.
කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya
කොළඹ කතාව – භික්ෂු පරිච්ඡේදය | Bhikshu Parichchedaya
Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල
මරණාසන්න වේදනා
පහක් පසු කළ මිනිසෙක්
දුක පසක් කොට ගත්තෙකි.
එවැන්නෙකුට ජීවිතය ලියද්දී
දුක පසෙකින් තැබිය හැකි ය.
ක්ලියෝපැට්රා එයා තමයි රැජින - Cleopatra Eya Thamai Raejina
(ක්ලියෝපැට්රාගේ සත්‍ය ජීවිත කතාව)
ගෑනු දෙන්නෙක් - Genu Dennek
ගිනි සහ සෙව්වන්දි - Gini Saha Sewwandi
රාත්‍රිය එළඹ ඇත.
අහස පුරා ඇත්තේ යන්තම් එළියකි.
රළ පෙළ සුදුවෙන් විරිත්තයි. එහි හෝ හඬත්,
සුළඟේ හඬත්, අඳෝනාවක් ලෙසිනි මගේ හදවතට වදින්නේ. අප නැවතුණ තැන වැටකෙයියා
ගස්වලින් වට වූ වේදිකාවක් පරිදිය.
ගල් පර කීපයක්ද පසුතල සේ නැඟී සිටියි.
අප කෑගැසුවත් අසන්නට කෙනෙක් මේ අවට නැත.
පාර අතට යන කඳු ගැටයේ එක කොටසක් හරහා
ඇදෙන්නේ මල කෑ කටු කම්බි වැටකි.
මේ වේදිකාවේ රඟන්නෝ අපි වෙමු!
ඇඳිරි නීතිය සහිත පාතාල ලෝකයේ
අවි ගත් යමපල්ලන් මැද ප්‍රධාන යමදූතයා
මගේම සැමියාය.
මා පැටලුණේ කුමන කටු පඳුරකද...
ගෙජ්ජි - gejji
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 156 බී කලාවැව - ග්‍රාම සේවා වසමේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ හේරත් කුමාර වන මම, මින් ඉදිරියට පීටර් ඩී ලිවේරා යනුවෙන් භාවිත කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. පීටර් ඩී ලිවේරා
T19830222
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 117 කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි පඬිකාරලාගේ නිමල් ශාන්ත වන මම මින් ඉදිරියට රයන් වැන්දබෝනා යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි.
රයන් වැන්දබෝනා
T19871002
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 58 ඒ කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි කළුවර ගෙදර තිස්ස වන මම මින් ඉදිරියට කෙනෙත් රියෙන්සි යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි.
කෙනෙත් රියෙන්සි
T20130901
ච්‍යුති - Chuthi
ටීචර් - Teacher
ටීචර් කෙනෙක් බැදලා බලන්න ආස හිතෙයි..?
ඩැඩා - Dada
"ඩැඩා..."
"හ්ම්ම්.."
"අම්මී මං වගේම ලස්සන ඇති නේද,,, කෝ ඔයා මට එයාගේ පොටෝ එකක්වත් පෙන්නෙන්නේ නැ.. ඔයා හරිම නරකයි ඩැඩා..” ලැප් එක දෙස තිබූ අශාන්ගේ දෑස් කදුලින් තෙත් උනා. ඔහු බිම චිත්‍රයක් පාට කරමින් ඉන්න දුව දෙස බොද වූ දෑසින් බලාගෙන ඉන්නවා. හැගීම් පිටාර ගොස් ඇස් අගින් ගිලිහුණු කදුලු බිදු දෙකක් කම්මුල දිගේ පහලට ගලාගෙන යනවා..
මේ කිසිවක් නොදන්න පුංචි අශන්‍යා, චිත්‍රය පාට කර අවසන් වෙලා අශාන් දෙස බලන්න ගත්තා. ඇය එවිටයි දුටුවේ ඔහු ඇය දෙස බලාගෙන කදුලු සලනවා කියලා.
"අනේ සොරි ඩැඩා.. ඔයා අම්මී ගැන මතක් කරනවට කැමතියි නෑ නේද.. අයම් සොරි..” පුංචි අශන්‍යා අශාන්ගේ බෙල්ල බදාගෙන උකුලට පැනලා අශාන්ගේ දෑස් අග කදුලු බිදු චූටී අත් වලින් පිසදානවා..
මං පොමිස් වෙනවා ඩැඩා.. ආයේ කවදාවත්ම අම්මී ගැන අහන්නේ නෑ කියලා. මාව දාලා ගිය අම්මියෙක් මට ඕන නෑ...”
මට ඔයා විතරක් ඇති ඩැඩා.. ඔයාම විතරයි ඇති.. මට අම්මී ඕන නෑ.. එයා හොද නෑ.. I Love you ඩැඩා..”
ඩිප්‍රෙශන් - Depression
තරු විසුළ රැය - Tharu Wisula Raya
තිත්ත තොල් - Thiththa Thol
තීන්ත පැල්ලම් – Theentha Pallam
වසර තිහකට පසුව මුණගැසුණ ඒ දෑස් තාමත් වදා වගේමයි.
නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දෑව ද දැසින් එකට විඳි කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝපයක සුවඳ අතරෙ ගෙවුණු ඒ සොදුරු අතීතය පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමත් තිබුණෙ නැහැ.
ඉතින්,
ආදරය කියන්ගේ සෑමවිටම එකතු වීමක්මද?
නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටත් තියෙනවාද?
අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන ඔබේ හදවතේ කොනක සැඟවී තියන ඒ පළමු ආදරයේ මතකය යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින් ද අවදි කරනු ඇත.
තුමුල ප්‍රේමය - Thumula Premaya
“මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක්‍රමයකට හදාගත්තා.
හැබැයි... අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන.
අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරපු කැප කිරීම සාමාන්‍ය එකක් නෙවෙයි. එයා මෙතනට ආවෙ අයිලන්ඞ් රෑන්ක් ෆස්ට් වෙලා නෙවෙයි. ඒත් එයා මෙතනින් යන්නෙ අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වුණ කෙනෙකුටවත් කරන්න බැරි වුණ වැඩක් කරලා.”
දඩබ්බර හැගුමක් - Dadabbara Hegumak
" ඔයා මාව රැවැට්ටුවා " කෙල්ල මිමිනුවා
" මන් මේ ලෝකේ කරන්න තියන ලොකුම
කැත වැඩේත් කරනවා උබව ලබා ගන්න "
" ඇයි මේ හැමදේම? "
" උඹ මගේ.."
දොරකඩ දෙවොල - Dorakada Dewola
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම් , මදිපුන්චිකම් , හතුරු පිඩා අනන්තයි. අප්‍රමානයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං…
නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා
උඹ ඔය තාම තරුන නිසා ඔහොම කියන්නේ..
නදී - Nadee
නදී තරංගා නැඟී බිඳී යන ඇසිල්ලේ පවා ළයේ පියුම් විකසිත නොවෙයිද...?
ඉවුරු දෑල තුරු සමුදා කොඳුර
කොඳුරා කී කතා නදියට ඇසුණාද
රල රැලි නංවා ගලා යන අතරතුර...?
ඇයද, ඔහුද, ඔහුගේ නිවුන්
සොහොයුරාද එකට එක්ව අපට
හඬ ගා කියන්නේ ජීවිතය අහම්බ සමුච්චයක් විනා, නිත්‍ය සැලසුමක් නොවන බව නොවේද...?
නපුරු වැස්ස ඇමතුමක් - Napuru Wessa Amathumak
මගේ කෙනා ඔයා.
ඔයා කොහෙ හිටියත්. කා ළග හිටියත්
අන්තිමට තනිවෙන්න වෙන්නේ මන් ළග.
එකට කියන්නේ Destiny කියලා..
නපුරු වැස්ස ගෙරවුමක් – Napuru Wassa Gerawumak
කැපකිරීම්, දරාගැනීම්වලට තිත තියන්න
මගේ හිත පාවඩ එලන්න ගත්තා.
ඒ නිසාම මගේ හිත හයිය අරගෙන ඒ පාවඩය
මත පළමු පියවර තිබ්බා.
පාවඩය් යටින් ඇති බොරළු, ගල් කැට මගේ පතුල්වලට දැනුණත්
මම නොදැනුණා සේ අඩිය තිබ්බා.
මොකද මම දැනන් හිටිය පාවඩය අවසානයේ මාවත පැහැදිලි බව.
නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak
නපුරු වැස්ස ම්ම්ණුමක් – Napuru Wassa Miminumak
යාරා සරණි – Yaara Sarani
නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya
”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”
නිර්වාණ- Nirwana
කොළඹ කතාව – බයිපාස්
හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම,
පාටි එකක් ම, ගැදරිං එකක් ම,
මීටිං එකක් ම අවසානේ හිස්කම.
වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම.
මිනිස්සු ගැන කලකිරීම.
හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ
එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස්
යූස් නො කරපු නිසා ම විතරයි.
වෙන කිසි ම හේතුවකට නෙමෙයි.
හියුමන් කියන්නෙ මනුස්ස නම්;
ඒත් එයාලා නො දන්නෙත්
ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි
මිනිස්සුත් එක්ක ගැවසුණා ම
ආයෙත් මූඩ් එක හදා ගන්න නම්,
මට මං එක්ක තනියම හුඟක් වෙලා
ගත කරන්න ඕන.
#kolamba kathawa
නිල් කට්රොල් – Nil Katrol
බිසෝ ප්‍රකාශන - Biso Prakashana
නිල් කට්රොල් – Nil Katrol
Mohan Raj Madawala – මොහාන් රාජ් මඩවල
නිල් ලිට්මස් - Nil Litmas
New Editon
අප්‍රේල් 18 වනදා නිකුත්වේ.
සුදෝ සුදුවන් ඔසරියකින් හැඩ ගැසිලා
කෙල්ලෙක්ගෙ ජීවිතේ ආදරනීයම දිනය, සිහිනයක් වගේ ගෙවන්න කවදාවත් මම හිතුවේ නෑ.
නමුත් මේ කරුම ජීවිතේ තවත් එක් අකරතැබ්බයක් විදිහට මට ඒක දැනුනේ.
නොකියවිය යුතු කතා කිහිපයක් - Nokiyaviya Yuthu Katha Kihipayak
නොකියවිය යුතු කතා කිහිපයක් - Nokiyaviya Yuthu Katha Kihipayak
සචින්ත ප්‍රමෝද් නාඔටුන්න - Sachintha Pramod Naotunna
නොම්බර 14, හැනන් වීදිය - Nombara 14, Hanan Weediya
නෝබොඩි – Nobody
නෝබොඩි – Nobody
ශාන්ති දිසානායක – Shanthi Disanayake
ප්‍රංශ පෙම්වතා – Pransha Pemwatha
ප්‍රේමම් - Premam
දැනට පෙර ඇණවුම් පමණක් ලබා ගන්නා අතර
පොත් බෙදාහැරීමේ දිනය හැකි ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.
තංගමනී,මට කියාපන් මං පිස්සෙක් වෙයිද?
පිස්සෙක් වෙන්න පෙර නිමිති පෙන්නනවද?
ඒත් ප්‍රේමය වෙනුවෙන්
පිස්සෙක් වෙන එකත් නම්බුයි කියලා
කවියොත් කවි අස්සෙ ලියන එකේ
මාත් පිස්සෙක් වෙලා බලන්නද?
බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2
බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2
තාරු රාජපක්ෂ – Tharu Rajapaksh
බිඳුණු ගැහැණු - Bidunu Gehenu
බිස්නස් පිස්සුව | වසරේ CEO | 11 : 11
බිස්නස් පිස්සුව | 11:11 | වසරේ CEO
බිස්නස් පිස්සුව – Business Pissuwa
11 : 11 | සිහිනයක් සැබෑවීමට නියමිතයි
වසරේ CEO – Wasare CEO
ප්‍රමේෂ් වික්‍රමසිංහ – Pramesh Wickramasinghe
DELIVERY FREE
බොහීමියන් දැරියෝ – Bohemian Deriyo
මං තරු මං දිගේ 1 - Man Tharu Man Dige
මකරානන්දය – Makaranandaya
2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු හොදම නවකතාව
2019 විදෝදය සාහිත්‍ය සම්මානය දිනු හොදම නවකතාව
2019 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය වසරේ හොදම නවක නිර්මාණ දායකත්වය සම්මානය දිනු නවකතාව
මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya
මගේ කුලුඳුල් පෙම්වතිය – Mage Kulundul Pemwathiya
Upul Shantha Sannasgala – උපුල් ශාන්ත සන්නස්ගල
දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන
– උපුල් ශාන්ත සන්නස්ගල
මන්දස්මිත - Mandasmitha
Title: Mandasmitha by Nu perera
මන්දස්මිත (Mandasmitha)
Author: Nuu Perera
Language: Sinhala
Genre: Sinhala Novel
✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.
මන්දාරම් රහසක් - Mandaram Rahasak
මැයි 02 වෙනිදා නිකුත් වේ.
ගිහින්
ඒ ලස්සන තරුවට කියන්න.
මට අයිති නොවුණත්
එයා තාමත් තරුවක් කියලා.
මොකද මගේ වුණත් නැතත්
තරු හැමදාම තරුමයි.
ඒක වෙනස් වෙන්නේ නෑ!
මන්දෝදරී – Mandodari
මන්දෝදරී – Mandodari
මොහාන් රාජ් මඩවල – Mohan Raj Madawala











































































