මයි ඩියර් ක්‍රෂ් – My Dear Crush
“අයිම් බිසී නව්...”
“යර්ස් අයි (ක්)නෝ... බට් අයි වොන්ටු
ටෙල් යු නව්, අයි ලව් යු..."
එයා ඒ වචන ටික කියලා
අතෑරියා. මම හිනාවෙලා ආපහු
කැම් එකට ඇහැ තිබ්බා.
ඔව් හරියටම දහයයි දහයයි
වෙලාව. හිරෝශිමාවටයි
නාගසාකියටයි බෝම්බ දැම්ම
වෙලාව. ඒකනේ හැම
ඔරොලෝසු කඩේකම හැම
ඔරලෝසුවක කටු දහයයි
දහයට පටන් ගන්න
නතර කරලා තියෙන්නේ.
එදා ඒ මහා අපරාදේ
වෙලාවේ නතර වුණු
හිත් වගේ මගේ
හිතත් නතර වුණා.
මරණය අබියස - Maranaya Abiyasa
කෙලිළොල් ගැටවරයෙක්
ගැටෙන
සිදුවීම් දාමයක් එක්ක
සෙනෙහස කියවෙන
අඳුරු දාමයක්
ඇත්තටම..
මරණ මංචකය
අබියස
මුහුණ පාන්නට
සිදුවන්නේ කුමක්ද..?
මරණයේ ඔටුන්න - Maranaye Otunna
"ඉක්කෲටස් ගැලැඩියාස්...” ගැඹුරු හඬකින් මුමුනන ලද ලැඩාක්ස් මන්ත්‍රයක් ඇසිණි.
ඒ සමඟ ම, කුටියේ අඳුරුතම මුල්ලකින් වාතය අස්වාභාවික ලෙස රැළි නැගෙන්නට පටන් ගත්තේ ය. අවසන වාතය තුනී කඩදාසියක් මෙන් ඉරා දමමින් අඳුර විනිවිද, කළු ලෝගුවකින් මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය කරගත්, උසැති පුද්ගලයකු හදිසියේ මතු විය. ඔහුගේ සිරුර වටා සීඩ්‍රන්ස් බල නාලිකා කිහිපයක් සර්පයින් මෙන් දගලමින්, අඳුරු තැඹිලි පැහැයක් විහිදුවමින් තිබිණි. ඔහු ක්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. සයිරස්ගේ අත තවමත් පළිගුව මත තිබිය දී ම ආගන්තුකයා ඉදිරියට පැන,
"ඉග්ඩෑඩස් හැමීඩස්...” යනුවෙන් මුමුනමින් පළිඟුව සයිරස්ගේ ග්‍රහණයෙන් උදුරා ගත්තේ ය. ඒ සමඟ ම සියුම් කම්පනයක් ද සමඟින් සයිරස් පසෙකට විසිවිණි.
ක්ෂණයකින්, පෙර කී ආගන්තුකයා කුටියේ අනෙක් අන්තයට පසුබැස, තේරුම්ගත නොහැකි, ගුප්ත මන්ත්‍රයක් මිමිනුවේ ය. තවත් සීඩ්‍රන්ස් නාලිකා කිහිපයක් ඔහුගේ සිරුර වටා මතු වී, අවකාශය විකෘති කරන්නාක් මෙන් දිස් විය. ඔහු බිහිසුණු හැඟීමකින් සිනාසෙනවාක් මෙන් හැඟීමක් සයිරස්ටත්, නයිරියාටත්, ගැලත් දැනිණි. ඊළඟ තත්පරයේ දී ඔහු පැමිණි සේ ම කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකර අභිරහස් ලෙස වාතය මධ්‍යයේ අතුරුදන් විය.
මව්වත් හදවත් - Mawwath Hadawath
ඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න. අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ.
මාගම් සෝලිය – Magam Soliya
මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.
මාණික්කාවත – Manikkawatha
මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya
මෞලි - Maulee
අන්ධකාරයේ ආලෝකය
දකින නෙතක්...!
වේදනාවේ මිහිර හඟින
හදවතක්...!
ජීවිතයේ ගිරි ශිඛර අනායාසයෙන්
තරණය කරන දෙපයක්...!
ලෝකයේ කලිකලහය මධ්‍යයේ
සන්සුන් මනසක්...!
එහෙත් මේ ඔහුගේ කතාව
පමණක් නොවේ...
රැජිණ – Rajina
රැජිණ – Rajina
by MOHAN RAJ MADAWALA – මොහාන් රාජ් මඩවල
රුද්‍රාක්ෂ - Rudraksha
ඔහු
නමින් රුකේෂ් අනුත්ද්‍ර ගජසිංහය.
ආගරපතන ග්ලාස්ගෝ වතුයායේ කළමනාකරු ප්‍රතාප් ගජසිංහගේත් මන්දානා ප්‍රභූආරච්චිගේත් එකම පුතු ඔහුය.
විටෙක ඔහු රුද්‍රාක්ෂ විය.
විටෙක ඔහු රුද්‍ර විය.
අසමසම රාක්ෂ කුලයේ හැඩකාරයා ඔහුය .
ඉදින් මේ ඔහු වටා ගෙතුණු ඔහුගේ කතාවයි..
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් වෙදකමෙන් ඔහුට සමකළ හැකි කිසිවෙක් නොවීය.
මේ මහා විශ්වයම ඔහුට නතුවිය.
මේ මිහිතලයේ විසිඑක්වන සියවසේ පහළ වූ රාවණ කුළේ මහා අසමසම වීරයාගේ කතාවයි මේ..
රුද්‍රාක්ෂ
අහිංසකාවියකට පෙම්බැඳි රාක්ෂ කුලයේ හැඩකාරයා
රුද්‍රායු - Rudrau
රුවනාකර - Ruwanakara
ලක්ෂි – Lakshi
ලක්ෂි – Lakshi
හේෂාන් වෙල්ගම – Heshan Welgama
ලැවෙන්ඩර් – Lavender
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…..
ලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොඳින් කලතාපු කැපුචීනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපූ ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩාක් ගැන කතාවක්…
ලැවෙන්ඩ්‍රා - Levendra
ලූනා - Luna
ලේ සහ වතුර - Le Saha Wathura
දැන මගේ ඒකායන ප්‍රාර්ථනාව, ඇගේත් මගේත් රහසිගත ජීවිතයට ආවරණය සපයන මේ අන්ධකාර භීම සමය චිරාත් කාලයක් පවතිනු දැකීම මිස අන් කිසිවක් නොවේ.
ලොවීනා – Loveena
ලොවීනා – Loveena
Mohan Raj Madawala – මොහාන් රාජ් මඩවල
වස්සාන සිහිනය – Wassana Sihinaya
ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
සංචරණි - Sancharani
ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ ආදරණීයම සංචරණිය…
අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත් මේ පුංචි මැයිමාර සෙවණ යට ඔහුගේ මතකයන් මතක් කරමින් මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින් මරණය තුළින් වුවත් හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත…
සජ්ඣායනා - Sajjayana
සිකුරාජධී - sikurajadi
ඉන්ද්‍රඛීලයක් කියන්නෙ නගරෙක මහ වාහල්කඩ හිටවන බෝම හයිහත්තිය තියෙන මහ කණුවක්. ඇතෙක්ට අලියෙක්ට තියා, ඔය ඉන්ද්‍රඛීලෙ හොල්ලන්ට කල්පාන්තෙ වෙලාවෙ හතර දිගින් හමන වේරම්භ වාතෙටවත් බැරුවා. මයෙ දළදා හාමුදුරුවො කියන්නෙත් මේ සිංහල පොළොවෙ මුල් බැහැපු ආං ඒ වගේ ඉන්ද්‍රඛීලයක්! ඒ ඉන්ද්‍රඛීලෙ මේ ඉරහඳ යට පවතිනතාක්කල් උඹෙ නමගමත් මේ පොළොවෙ රඳාවි!
සුළඟ වගේ ඇවිදින් – Sulanga Wage Awidin
අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක
මගේ දෙඅත් උඩින් තියාගත්තා.
ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා
"ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා
මාලින්ද..."
අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි.
එයා ඉකිගහන්න පටන් ගත්තා.
කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි
බැම්මක් වගේ...
මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා
'සත්තයි...කාටවත් ඔයාව මගෙන් උදුරගන්න
දෙන්නේ නෑ...'
ඇස්දෙකේ කඳුළු පුරෝගෙන,
මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට
මම පොරොන්දු වුනා
සෙංකොට්ටං – Senkottan
සෙංකොට්ටං – Senkottan
Mahinda Prasad Masimbula – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා. කුණුහරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේ ම මතකෙ තියෙනවා… ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේ ය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියල… බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියල. ඕනෑ ම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”
සෝණු – Sonu
සෝණු – Sonu
හිරුණි එස් හේරත් – Hiruni S Herath
විජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්‍රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්‍ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ…
“ගුරුන්නාන්සේ… මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නෑ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නෙ?”
“මේ මුළු කතරගම අඩවියම…”
හද විලේ ඔබ පිපුණා - Hada Wile Oba Pipuna
ආත්මයෙ පුරුදු පෙම
දැනී දැනී හිත පුරා
රිදුනු සිත සැනසෙනා
හේතුවම නුඹ වෙලා
හඳවතේ තතූ සොයා
සැනසීම නුඹ වුණා
පාරමී දම් පුරා
නුඹ මෙමට හිමි වුණා...
- මෙතූකරා දහම්දි -
ආදරේ හරි අරුත
අකුරු හතරක් වටා
මුතු පොටින් ඇමුණු නුඹ
පණ වේය මට සඳා
සොයන්නට සැනසීම
නුඹ වෙතින් නිරතුරා
මා දිවිය සුවඳ කළ
පිපී නෙළුම නුඹ වුණා...
- සහස්‍ර දිව්‍යනාත්-
හුස්මක් ඔබ මට – Husmak Oba Mata
හුස්මක් ඔබ මට – Husmak Oba Mata
ලෙහාන් හඳුන්ගේ – Lehan Handunge
“ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?”
“ඔව්, අද වුණත්… මේ දැන්ම වුණත් කමක් නෑ, ඔයා පැනලා යන්න!”
“අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ… ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ… එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි…”
“ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නෑනේ…”
“ඒ මනුස්සයා මට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි…”
හුළු අත්ත – Hulu Atta
හුළු අත්ත – Hulu Atta
Novel by : Kim Suu Ah
විටෙක සිහින් සිනාවකින් තවත් විටෙක දිගු කතාබහකින් පිරි මුණගැසීමක් ඒ නිසල බිමට නව ජීවයක් එක් කල, ඒ කතාව තරු නොපෙනෙන වැහි අඳුරට අත වනමින් ඈතින් දැල්වූ හුළු අතු එළියක් බඳු මිතුදමක් පාළුව මැකු ඒ මුණ ගැසීමෙන් අවදි වූ සිත්, ආලෝකය සොයා නිසැකවම ගමන් කරනු ඇත…


























