Description
ලක්ෂි – Lakshi
හේෂාන් වෙල්ගම – Heshan Welgama
මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි
මගේ මේ ආදරය…
සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,
“ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා”
මහා රෑ පිපිලා
මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු මං මතක් කරා ලක්ෂි
කඩා හැලෙන සේපාලිකා මල් කඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා…
හරියට මගේ ආදරේ වගේ ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත්
ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…
මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…
– වරුන් –






There are no reviews yet.