Description
“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නුගත්කමේ දුගඳ ලෙසද විටෙක භිතියේ බයාදුකමේ කහට ලෙසද නැතිනම් වැළපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ”
“සිලෝන් තේ වෙනුවෙන් දිවිය කැප කල සියලුම කළු සුදු මිනිස්සුන්ටඋණු වතුරෙන් පැහෙන්න කලින් කැකෑරෙන් කහට පාට හදවත්වල උණුසුමෙන් වේළිලා එන තේ කොළවලින් දැනිලා නැද්ද අමුතු ලේ රහක් අමුතු ලුණු රහක් වගේ එකක්…?”
“තේ එකක් බීලා වතුර උගුරක් බොන්න කලින් ටික වෙලාවක් ඉන්න. එතකොට දැනෙයි වැලපීමේ තිත්ත රසත්, යටහත් වීමේ කහට ඇඹුල් රසත්…
එහෙම බැලුවොත් තේ කියන්නේ කදුකරේ රළු මුඩු ආත්මයන්, උණු වතුරත් සීනිත් කලවම් කරලා බොන පානයක්.”
කැමෙලියා – Camellia
Virajini Thennakoon – විරාජිනී තෙන්නකෝන්






There are no reviews yet.