Diary Of Oliviya - ඩයරි ඔෆ් ඔලීවියා
එදා රෑ තමයි මගේ ජීවිතේ දිගම රෑ
තප්පරයක් විනාඩියක් වගේ දැනුණ , විනාඩියක් පැයක් වගේ දැනුණ , පැයක් අවුරුද්දක් වගේ දැනුණ රැයක් ! ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා! අවුරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තවදුරටත් එන්නේ නෑ කියලා මට දැනුණා. කෑවද, කොහෙද ඉන්නේ , ඇයි පරක්කු වගේ ඔයාගේ හුරතල් කතා, පැය ගණන් දොඩමලු වුන හවස් වරු, අත් පටලන් ඇවිද ගියපු හවස් වරු ආයේ එන්නේ නෑ කියලා මට දැනුණා . කොටින්ම කිව්වොත්, මහා පාන්දර 3ටත් කාමරයේ එහාට මෙහාට ඇවිදින ගමන් ගමන් “මේක හීනයක්වත් වුනානම්” කියලා හිතුණා . හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. සේරම පැත්තකට දාලා ” අනේ මාව දාලා යන්න එපා, ආයේ මගෙ ළඟට එන්න ” කියන්නත් හිතුණා .Velvet ප්‍රේමය - Velvet Premaya
අඩුම තරමේ අපි හමුවුණා – At least we met
උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ…
අඩුම තරමේ අපි හමුවුණා | At least we met
Rangani Geethika Fernando – රංගනී ගීතිකා ප්‍රනාන්දු
ආදරෙයි කියන්නම ඕනෙද ?- Adarei Kiyannama Oneda ?
ආදරෙයි කියන්නම ඕනෙද ? – adarei Kiyannama Oneda ?
බිමාෂ් ඕෂධ – Bimash Oshadha
පොඩි උන්ඩයකට හැකි
මිනිසෙකු සැනින් මරන්න
හැර ගිය ආදරයකින් හැකි
ජිවිතයක් පුරා මියෙන්න
දැන සිටියා නම් එය
ආදරය කියන්නට කලින්ම
මුහුණට මුහුණවත් නොබලා
ඉන්නට තිබුණා මුලින්ම…
ඉතිං මට සමාවෙන්න- Ithin Mata Samawenna
තිං මට සමාවෙන්න- Ithin Mata Samawenna
අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmina
“බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන!” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන
වංගුවක් ළඟ හැරෙන්න”
ඉතින් එහෙමයි ආදරේ හැටි - Ithin Ehemai Adare Heti
වැදීමුත් ගල්පරවලම හැපි හැපි
ගඟක් නම් ගලනවා ඇතී
නිවී මුත් දිලි දිලී අහසේ
තරුත් බිම වැටෙනවා ඇතී
රිදී මුත් දැවි දැවී හැඟුමන්
හදවතේ යලි දලුලතී
සොඳුර නුඹ එය නොදන්නේ මුත්
ඉතින් එහෙමයි ආදරේ හැටි !
ඒත් මං ආදරෙයි – Eth Man Adarei
“කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා
ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා
අද වගෙම එදාටත් තියම් කවියක ලියා
පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ”
ඒත් මං ආදරෙයි – Eth Man Adarei ( කාව්‍ය )
අබ්දුල් උමර් – Abdul Uma
කළු පැහැති කුඩා පොත - Kalu Pehethi Kuda Potha
මෙ' කව ලියා අවසන් කර
එයම ලියූ කළු පෑනෙන්
ඝණ කළුවර රෑ අහසෙහි
කළු පැහැයෙන් තිතක් තබා
එයින් අසමි
සුවිසල් වූ විශ්වය මැද
කළු පැහැති කුඩා තිත
තරම්වත් වේද මම?
කාල රේඛාව – Kala Rekhawa
කාල රේඛාව – Kala Rekhawa
කාංචනා අමිලානි – Kanchana Amilani
පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන
පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න
‘ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී…
තාමත් මගේ පණ - Tamat Mage Pana
නොකියාම ගිය නිසා
යළිත් එනවාද නොකියා
හමු වෙලා ඇති
වෙනකෙකු නම් ඔබට සිතා
තවමත් නුඹ ගැනම
ප්‍රේමයෙන් හිත සොය සොයා
නුඹ නැතත් මගේ ළඟ
තාමත් මගේ පණයි ඔයා
නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi
නිවෙමි, නැතිනම් මියෙමි – Niwemi, Nathinam Miyemi
Sithu Induwara – සිතු ඉදුවර
සියුම් පපුවක් තිබේ නම්
හිස තියා නිවෙන්න
එහෙව් පපුවක් කොහෙද
නුඹේ ලඟ හැරෙන්න
නිවෙන්නට නුඹ නොමැති වූවොත්
දැවී යනවා ඇරෙන්න
විසඳුමක් වෙන දන්නේ නෑ මං
දැවෙන මගෙ හිත නිවන්න
එහෙම නැතිනම් හැකිය මට
මතක සයුරේ ගිලෙන්න
නිවෙන්නට නොව එවිට වෙන්නේ
අකාලේ ගිලී මියෙන්න
බයෝ කරපු ඒලෙවල් 1 – Bio Karapu ALevel 1
බයෝ කරපු ඒලෙවල් 1 – Bio Karapu ALevel 1
අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmin
බයෝ කරපු ඒලෙවල් 2 – Bio Karapu ALevel 2
බයෝ කරපු ඒලෙවල් 2 – Bio Karapu ALevel 2
අබ්දුල් උමර් සහන් නෙත්මිණ –
බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu ALevel 3
බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu ALevel 3
අබ්දුල් උමර් සහන් නෙත්මිණ – Abdul Umar Sahan Nethmina
බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya
බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kavi Liyaune Obataya
Rangani Geethika Fernando – රංගනී ගීතිකා ප්‍රනාන්දු
කවි ලියවුණේ ම
මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතූන දිනවල ය.
”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.
නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය
කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,
හුඟක් කවි ලියවුණේ ම
නුඔව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.
මගේ කතාව - Mage Kathawa
පොතක් කියන්නෙම ආදරණිය තිළිණයක්.. පොතක සුවඳ විඳලම නැද්ද පිටු අතර පිට කවරයම සිය ගන්න තරම් ලෝබ හිතෙයි දිග හුස්මක නතර වෙයි සුවඳ තවරන්න තිළිණ කරන්න... මගේ කතාව
මගේ ඩැෆඩිල් මල – Mage Daffodil Mala
මගේ ඩැෆඩිල් මල – Mage Daffodil Mala
Nenithi Sindupama – නෙනිති සිංදූපමා
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ – Masa Nimakala Hadawathak Wikineemata Thibe
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ – Masa Nimakala Hadawathak Wikineemata Thibe
Tharushi Somarathna – තරුෂි සෝමරත්න
දැන්වීමයි !
ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්
ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක්
අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ…
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
ලිලැක් – Lilac
බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද?
රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද?
මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා.
ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය.
#lilak
පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි.
ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.
වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna
සමනල පාලම - Samanala Palama
දන්නව ද සෙනනු..."
"මොකක්ද?”
මේ ලෝකේ හැමෝටම තවන්ට ගැළපෙන ම කෙනා ජිවිතේ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා... ගොඩක් අයට එයාව මඟ හැරෙනවා... ඒ අය වැරදි අය එක්ක ජිවිතේ පටන් අරන් දුක් විඳිනවා..... ඒත්......ඉතා ම සුළු පිරිසක් ඒ හරිම කෙනාව අඳුන ගෙන ජීවිතේ සැබෑ සතුට අත් විඳිනවා.... හරියට ඔයාගේ දෙමව්පියන් වගේ... වගේ අම්මා තාත්තා වගේ... එයාලා ගොඩක් වාසනාවන්ත යි.” “හ්ම්ම්... ඇත්ත... ඔයා හරියට භාවනාවක් වගේ සහන් වගේ හිත ගිනි ගන්න හැව වෙලාවෙ ච ඇවිත් නිවලා දානවා.... ඒකට ඔයාට ගොඩක් පිං....




















