මාගම් සෝලිය – Magam Soliya

(0 Reviews) Write a review

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

මාගම් සෝලිය රචනා වී තිබෙන්නේ යථාර්ථය ඉක්මවා ගිය රීතියකිනි. එය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නැතිනම් අධියථාර්ථවාදය යන වචන වලින් අපට හඳුන්වා දිය හැකියි. මාකේස්, අයියන්දේ වැනි ලතින් ඇමෙරිකානු නවකතාකරුවන් හරහා අප මේ වචන හඳුනා ගන්නේ අද ඊයේ වුව ද අපේ සාහිත්‍යයේ දිගට ම මේ සම්ප‍්‍රදායන් තිබුණු බව ඉතා පැහැදිලිය. කෙසේ නමුත් මොහාන් රාජ් මඩවල මේ සම්ප‍්‍රදායන් ආනයනය කරන නවකතාකරුවෙක් නොවේ. ඔහු මේ පොළවේ පය ගසා ඇති චරිත අධියථාර්ථවත් ලෙස හසුරුවා තිබේ. එබැවින් එවැනි චරිත හෝ සිදුවීම් අභව්‍ය යැයි අපට නොදැනේ. මේ නවකතාවේ තිබෙන විශිෂ්ටත්වය එයයි.

Description

වරින් වර නතර කර මා මේ පොත කියෙව්වේ ඉක්මනට ඉවර වේය කියන බිය මා දැඩිව වෙළා ගත් බැවිනි.

රත්න ශ්‍රී විජේසිංහ – දිවයින ඉරිදා සංග්‍රහය

සිද්ධාර්ථ – යසෝධරා සම්මත ආදර කතාව සේම සිංහබාහු – සිංහ සීවලී අසම්මත කතාවද අපේ ඉතිහාසයේ තිබේ.

ඌව බින්තැන්න ප්‍රධාන සංඝනායක නාපටවෙල ධම්මානන්ද හිමි – ලංකාදීප

මාගම් සෝලිය නවකතාව රචනා වී තිබෙන්නේ දාර්ශනික පදනමක පිහිටාය.

ජැක්සන් ඇන්තනී – සිළුමිණ

“මාගම් සෝලිය” ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියැවුණු සිනමා පිටපතක් වැන්නකි.

මහාචාර්ය අජන්තා හපුආරච්චි – ලක්බිම

ස්වර්ණ පුස්තක සම්මානයෙන් “මාගම් සෝලිය” කුණුහරුපයක් කියා කපා හැරියේය.කතුවරයාගේ ආඛ්‍යානයෙහි ඇති අපූර්වත්වය ඔවුන් දැක නැත.

රන්ජන් අමරරත්න – දිනමිණ

ඌව වෙල්ලස්සේ ගමක් සහ එහි පන්සල කේන්ද්‍ර කරගෙන කතුවරයා මවන්නේ යථාවත් මායාවත් මුසුවූ ලෝකයකි.

මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස – මව්බිම

‘මාගම් සෝලිය’ පොනොග්‍රෆි ගණයට අයත් නවකතාවක්

දයා දිසානායක – රිවිර

මෙය ශිෂ්ටත්වයේ ආරක්‍ෂක රැහැන්පට ඇති අප සමාජයට අතහළ ලිංගිකත්ව චර්යා හා ආකල්ප පිළිබඳ න්‍යෂ්ටික බෝම්බයකි.

ආචාර්ය සාලිය කුලරත්න – දිවයින

Additional information

Weight 0.29 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාගම් සෝලිය – Magam Soliya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

මාගම් සෝලිය – Magam Soliya

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

බොහීමියන් දැරියෝ – Bohemian Deriyo

Original price was: රු1,120.00.Current price is: රු895.00.

හද විලේ ඔබ පිපුණා - Hada Wile Oba Pipuna

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.
අමාවක Waiting for next eclipse 02
Sold out

අමාවක Waiting for next eclipse 02

Original price was: රු2,900.00.Current price is: රු2,320.00.

ප්‍රේමම් - Premam

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

Default | ඩිෆොල්ට් - Pre Order

Original price was: රු3,900.00.Current price is: රු3,120.00.
Back to Top
Product has been added to your cart