ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය – Albertwaruda Manushyayoya
Tharindu Sri Lokugamage – තරිඳු ශ්‍රී ලොකුගමගේ
ගින්දර සොයාගෙන ගංගා අසබඩ පදිංචි වී ශිෂ්ටාචාර ගොඩනැංවූ ඒ ආදි මාතෲවරුන්ට හා පීතෘවරුන්ට ඩබල් ගැට ඇලපිල්ලක තරම්වත් උපහාරයක් පුදනු වස් තම නාන කාමරයේ සින්ක් එක මත නොනිවෙන ඉටිපන්දමක් දල්වා තැබීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඉටිපන්දම් රඳ වනයක් භාවිත කිරීම හෝ වැඩේ දී අවසන් වූ ජෑම් බෝතලයක් වැනි යමක් භාවිත කිරීම ඇයට පෙනුණේ රන් පතක් පුදන්නට පොරොන්දු වී කාරිය කෙරුණු පසුව ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුවක් පුදන්නාක් බඳු සුනඛ කෘත්‍යයක් ලෙසිනි. එමෙන්ම ඒ සින්ක් එක. තමන්ට බැස නෑමට ප්‍රිය උපදවන සින්ක් එකක් විය යුතුය යන්න ඇගේ අවශ්‍යතාවේ අනුල්ලංඝනීය මූලික කොන්දේසියක් විය. ඒ නිසා ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා, දුෂ්ටයන් විසින් පැහැර ගනු ලැබූ තම පෙම්වතිය සොයා යන්නා සේ ඉටිපන්දම් රැඳවීම සඳහා වෙනම කොටසක් පෝසිලේනයෙන්ම සැකසූ සින්ක් එකක් සොයා යාම තම ජිවිතයේ පරමාර්ථය කර ගැනීමට කෙට්ටු චුට්ටා අධිෂ්ඨාන කරගත්තාය
චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ
Tharindu Sri Lokugamage – තරිඳු ශ්‍රී ලොකුගමගේ
චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ
ප්‍රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගේ ඉරාජ්ලගේ සින්දුවල බීට්වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නෑ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ.
– අපි වැහි කාලවල් කීයක් නං දරාගත්තු මිනිස්සුද!
ප්‍රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මූඩ් ගහල තනියම කුටුකුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ.
– චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ
එකපාරටම මට තාත්තා නිතර අහපු ‘පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ’ කියන සින්දුව මතක් වුණා. ඇත්තටම මම මේ කරන්නේ ඒකද? එයාගේ පිය සටහන් මත පියවර තියමින් එයාව ලුහුබඳින එකද?
– පර්ල් බීච් අපාට්මන්ට්ස් සිද්ධිය

