Aberdeen - ඇබර්ඩීන්
අනෝරා වැසි වසින සීතල රාත්‍රියේ සුරංගනාවියක් බදු නිමේශිව ඔහු ඔසවා ගත්තේ ය.
රෝස මලක් සේ පෙති ගැලවී නොයන ලෙසට පරිස්සමින් තබන පරිද්දෙන්, සයනයේ තැබුවේ නිමේශී ඔහුගේ දෑස් දෙස බලද්දී ය.
කිසිවකුත් නොමැති මොහොතක සයනයේ වැතිරී සිටින නිමේශී අසල සෙංගතුව බලා සිටි නිසල් ඇයගේ මූණට වැටී ඇති කෙස් රොදක් පැත්තකට කළේය.
නිමේශීගේ සුදු පැහැ කම්මුල් රත් පැහැයට හැරිණි.
කසාද බැඳ සිටින බවත් අමතකව සිටි නිමේශි මේ මොහොතේ මෙම අනියම් ආදරණීයයා දෙස බලා සිටියේ පුදුම ලෙංගතුකමකිනි.
American පෙම්වතා
"තිවංක... තිවංක.. ඔයා නිදි ද..?" ඔහු සිටි කාමරයේ විදුලි පහන් නිවා දමා තිබූ නිසා මම දොරට තඩි බාමින් රහසින් අඬගැසීමි.
ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති හෙයින් දොර විවෘත කොට කාමරය තුළට පිවිසියෙමි. තිවංක කාමරයේ නැත. ඔහුට අයත් කිසිදු බඩුවක් ද කාමරයේ නොවී ඇඳ මත වාඩි වී ඉකිගසමින් මහ හඬින් කැගැසුවෙමි. මගේ කැගැසීමට අම්මාත්, තාත්තාත් තිවංකගේ කාමරය වෙතට පැමිණියහ.
"බොරුකාරයා.... වංචාකාරයා.. බයගුල්ලා.. මහ ලොකු ආදරයක් මට දීලා මාව දාල ලිහින්
මම ඔයාට වෛර කරනවා තිවංක.. මම ලැජ්ජ වෙනවා ඔයාට ආදරේ කරපු එකට..."
මම තිවංකට බැන වදිමින් ඉකිගසමින් හැඬුවෙමි. ඩැඩී මම හුන් තැන ම වාඩි වී මගේ කඳුළු පිස
දැමීය.
තිවංක සේරම කිවුවා. එයාට එයාගේ සර්ට ද්‍රෝහි වෙන්න බෑලු... තිවංකට ඇමරිකාවේ පුතා ගොඩක් උදව් කරලා... ඒ හින්දා එයාට පිටුපාන්න බෑ කිවුවා. ඒ හින්දා දුව, ඔයාව දාලා එයා ගියේ. ආයේ ඔයාගේ ඇස් දෙකට දකින්න එන්නේ නැ කිවුවා. පුතාව බැඳලා සතුටෙන් ඉන්න කිවුවා..” යි ඩැඩී සම්පූර්ණ කතාව මට කීවේ ය.
"එතකොට ඔයාගෙ ආදරේ
බොරුවක් द තිවංක..? මාව දාලා යන්න ඕන නම් ඇයි මෙච්චර ආදරයක් මට දුන්නේ.? මම කොහොමද දෙයියනේ මේ දුක දරාගන්නේ.?” ඩැඩීව වැලඳගෙන හැඬුවෙමි.
CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා
ටීචර් - Teacher
ටීචර් කෙනෙක් බැදලා බලන්න ආස හිතෙයි..?
ඩැඩා - Dada
"ඩැඩා..."
"හ්ම්ම්.."
"අම්මී මං වගේම ලස්සන ඇති නේද,,, කෝ ඔයා මට එයාගේ පොටෝ එකක්වත් පෙන්නෙන්නේ නැ.. ඔයා හරිම නරකයි ඩැඩා..” ලැප් එක දෙස තිබූ අශාන්ගේ දෑස් කදුලින් තෙත් උනා. ඔහු බිම චිත්‍රයක් පාට කරමින් ඉන්න දුව දෙස බොද වූ දෑසින් බලාගෙන ඉන්නවා. හැගීම් පිටාර ගොස් ඇස් අගින් ගිලිහුණු කදුලු බිදු දෙකක් කම්මුල දිගේ පහලට ගලාගෙන යනවා..
මේ කිසිවක් නොදන්න පුංචි අශන්‍යා, චිත්‍රය පාට කර අවසන් වෙලා අශාන් දෙස බලන්න ගත්තා. ඇය එවිටයි දුටුවේ ඔහු ඇය දෙස බලාගෙන කදුලු සලනවා කියලා.
"අනේ සොරි ඩැඩා.. ඔයා අම්මී ගැන මතක් කරනවට කැමතියි නෑ නේද.. අයම් සොරි..” පුංචි අශන්‍යා අශාන්ගේ බෙල්ල බදාගෙන උකුලට පැනලා අශාන්ගේ දෑස් අග කදුලු බිදු චූටී අත් වලින් පිසදානවා..
මං පොමිස් වෙනවා ඩැඩා.. ආයේ කවදාවත්ම අම්මී ගැන අහන්නේ නෑ කියලා. මාව දාලා ගිය අම්මියෙක් මට ඕන නෑ...”
මට ඔයා විතරක් ඇති ඩැඩා.. ඔයාම විතරයි ඇති.. මට අම්මී ඕන නෑ.. එයා හොද නෑ.. I Love you ඩැඩා..”
මරණයේ ඔටුන්න - Maranaye Otunna
"ඉක්කෲටස් ගැලැඩියාස්...” ගැඹුරු හඬකින් මුමුනන ලද ලැඩාක්ස් මන්ත්‍රයක් ඇසිණි.
ඒ සමඟ ම, කුටියේ අඳුරුතම මුල්ලකින් වාතය අස්වාභාවික ලෙස රැළි නැගෙන්නට පටන් ගත්තේ ය. අවසන වාතය තුනී කඩදාසියක් මෙන් ඉරා දමමින් අඳුර විනිවිද, කළු ලෝගුවකින් මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය කරගත්, උසැති පුද්ගලයකු හදිසියේ මතු විය. ඔහුගේ සිරුර වටා සීඩ්‍රන්ස් බල නාලිකා කිහිපයක් සර්පයින් මෙන් දගලමින්, අඳුරු තැඹිලි පැහැයක් විහිදුවමින් තිබිණි. ඔහු ක්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. සයිරස්ගේ අත තවමත් පළිගුව මත තිබිය දී ම ආගන්තුකයා ඉදිරියට පැන,
"ඉග්ඩෑඩස් හැමීඩස්...” යනුවෙන් මුමුනමින් පළිඟුව සයිරස්ගේ ග්‍රහණයෙන් උදුරා ගත්තේ ය. ඒ සමඟ ම සියුම් කම්පනයක් ද සමඟින් සයිරස් පසෙකට විසිවිණි.
ක්ෂණයකින්, පෙර කී ආගන්තුකයා කුටියේ අනෙක් අන්තයට පසුබැස, තේරුම්ගත නොහැකි, ගුප්ත මන්ත්‍රයක් මිමිනුවේ ය. තවත් සීඩ්‍රන්ස් නාලිකා කිහිපයක් ඔහුගේ සිරුර වටා මතු වී, අවකාශය විකෘති කරන්නාක් මෙන් දිස් විය. ඔහු බිහිසුණු හැඟීමකින් සිනාසෙනවාක් මෙන් හැඟීමක් සයිරස්ටත්, නයිරියාටත්, ගැලත් දැනිණි. ඊළඟ තත්පරයේ දී ඔහු පැමිණි සේ ම කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකර අභිරහස් ලෙස වාතය මධ්‍යයේ අතුරුදන් විය.
සමනල පාලම - Samanala Palama
දන්නව ද සෙනනු..."
"මොකක්ද?”
මේ ලෝකේ හැමෝටම තවන්ට ගැළපෙන ම කෙනා ජිවිතේ එක් වරක් හෝ දෛවය මුණ ගස්සනවා... ගොඩක් අයට එයාව මඟ හැරෙනවා... ඒ අය වැරදි අය එක්ක ජිවිතේ පටන් අරන් දුක් විඳිනවා..... ඒත්......ඉතා ම සුළු පිරිසක් ඒ හරිම කෙනාව අඳුන ගෙන ජීවිතේ සැබෑ සතුට අත් විඳිනවා.... හරියට ඔයාගේ දෙමව්පියන් වගේ... වගේ අම්මා තාත්තා වගේ... එයාලා ගොඩක් වාසනාවන්ත යි.” “හ්ම්ම්... ඇත්ත... ඔයා හරියට භාවනාවක් වගේ සහන් වගේ හිත ගිනි ගන්න හැව වෙලාවෙ ච ඇවිත් නිවලා දානවා.... ඒකට ඔයාට ගොඩක් පිං....







